Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2017 18:26:21 Hours

යුද්ධ හමුදාව විසින් පාසල් පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්

මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ කියවීමේ පලපුරුද්ද වර්ධනය කිරීමේ අරමුණින් පාසල් බලධාරින්ගේ ඉල්ලීමකට අනුව 591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එස්.බී. නායකරත්න ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (01) දින මුලතිව් මහා විද්‍යාලය වෙත විවිධ විෂයන් යටතේ පොත් තොගයක් පරිත්‍යාග කරනු ලැබුහ.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 591 වන බලසේනාවේ භට පිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් වු චරිත කථා, කතන්දර පොත්, සඟරා, පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් සහ විවිධ අධ්‍යාපනික පොත් රැසකින් මෙම පොත් තොගයසමන්විත විය.

Sports brands | Sneakers