Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2017 19:14:10 Hours

අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා විද්වතුන් කණ්ඩායම් වශයෙන් යෝජනා නිගමන ගෙන හැරපායි

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ සැසී අවසාන අදීයරට ළඟාවත්ම කණ්ඩායම් 4 කට බෙදුණු විද්වතුන් උප මාතෘකා 4 ක් ඔස්සේ ආරම්භක විද්වත් සාකච්ඡාවන්ට අවතීරණ විය. ගෝලීය රාජ්‍ය සංකල්පයේ දී හමුදා කාර්යභාරය, අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම සඳහා සිව් වන පරපුරේ යුද්ධෝපක්‍රම ආදී උප මාතෘකා මෙහිදි විද්වත් කථිකාවන්ට බඳුන් විය.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂිකා ජෙනරාල් ශෂීකලා ප්‍රේමවර්ධන මිය, නාවික හමුදාවේ බටහිර නාවික හමුදා ප්‍රදේශ කමාන්ඩර් එන්.පී.එස්. ආටිගල ‘ඒ’ කණ්ඩායම යටතේ දෘඩ බලය සහ මෘදු බලය සමබර කිරීම පිලිබඳව විද්වත් කථිකාවන්ට එක් විය.

‘බී’ කණ්ඩායමේ විද්වත් සාකච්ඡාව “ ගෝලීය රාජ්‍ය සංකල්පයෙහි හමුදා කාර්යභාරය” තේමාව යටතේ සීදුවු අතර, විශ්‍රමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන දෙපාර්තුමේන්තුවේ ආචාර්ය මනීෂා එස්. වනසිංහ සහ විදේශීය විද්වතුන් වු බංගලාදේශයේ යුද්ධ හමුදා කර්නල් මොහොමඩ් මෂ්බහ උඩියින් අහමඩ් ( Mohommad Mesbah Uddin Ahamed ), බෝට්ස්වාන් රාජ්‍යයේ කර්නල් Sebue Nlebgwa, ඊජිප්තුවේ කර්නල් ශරිෆ් මොහොමඩ් ( Sherif Mohomaed ), ඉතාලියේ නාවික හමුදා කපිතාන් මාර්කෝ නාවික හමුදා කපිතන් මාර්කෝ ටෙරින්නිඕන් ( Marco Terrinioni), නියිජිරියාවේ මේජර් ජෙනරාල් ඩී.ඩී. අහමුදු ඇතුළු පිරීසක් සහභාගි වුහ.

latest Running | Nike