Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2017 14:43:53 Hours

අන්තවාදී ප්‍රචණ්ඩත්වය නැමැතී පිලිකාව මුලුනුපුටා දැමීමේ අවශ්‍යතාවය ඇමරිකා එක්සත් ජනපද ජෙනරාල් නෝබල් අවධාරණය කරයි

‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ’ දෙවන අන උදෑසන සැසීයේ දී එක්සත් ජනපද ශෘන්තිකර හමුදා උතුරු නියෝජ්‍ය අණදෙන නිලධාරි ජෙනරාල් ජේ. නෝබල් සිය විද්වත් දේශනයේ දී ඉන්දු ආසියා ශාන්තිකර කලාපයේ අන්තවාදි ප්‍රචණ්ඩත්වය මැඩලීමෙහිලා ඇමරිකා එක්සත් ජනපද හමුදා උපක්‍රම පිලිබඳ පැහැදිලි කලහ. “ අප අන්තවාදී ප්‍රචණ්ඩත්වය පුර්ව කොටසින් අල්වා මෙල්ල කල යුතු බවත් එය වලිගයෙන් අල්ලා මෙල්ල කිරීමට උත්සහ දැරීමෙන් අන්තවාදී ප්‍රචණ්ඩත්වය තව තවත් දරුණු විය හැකි බවත්” ජෙනරාල්වරයා විසින් පෙන්වා දුන්හ.

“එය අපට තනිවට කල නොහැකි දෙයක්, එය පිලිකාවක් මෙන් පැතිර යන්නක් අප සාමුහිකව සමාන අදහස් දරන ජාතින් එකමුතු වී කලාපයේ සහ ලෝකය පුරා පැතීර යන අන්තවාදී ප්‍රචණ්ඩත්වය විනාශ කල යුතු බැව්” ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Adidas shoes | Trending