Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 19:20:10 Hours

‘හදිසි ආපදා තත්තවයන් කළමණාකරනය පිළිබඳව’ දැනුවත් කිරීමේ වැඩසටහනක් 22 සේනාංකයේ දී

හමුදා භට පිරිස්, පොලිස් නිලධාරින්, වෙරළ ආරක්ෂක නිලධාරින් සහ සාමාන්‍ය වැසියන්ට හදිසි අවස්ථාවක් හෝ ආපදා තත්ත්වයක් ඇති වුහොත් මුහුණ දියයුතු ආකාරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක්, ඒ පිලිබඳ වෘත්තීකයන් කණ්ඩායමක් විසින් සිකුරාදා (25) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමණාකරන නිලධාරි අධ්‍යක්ෂක කේ. ගුණදාස මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව 22 වන සේනාංකය විසින් සංවිධානය කරන ලදී.

වැඩමුළුවට සහභාගි වු පිරිසට හදිසි ආපදා තත්ත්වයන් කළමණාකරනය පිලිබඳව සහ එවැනි තත්ත්වයක් ප්‍රදේශයේ ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදා, නාවික හමුදා, පොලිස් සහ සිවිල් ආයතන සාමාජිකයින් 251 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ආරාධනයෙන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න සහ මින්නේරිය පාබල පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ජේ.එම්.එස්.ජි.බී. ජයමහ එම වැඩමුළුවේදි දේශන පවත්වමින් සහභාගි වු පිරිස දැනුවත් කරන ලදී.

මෙම වැඩසටහන අවසානයේ දී 222 වන බලසේනාවේ බලසේනාධිපති විසින් ආරාධිත දේශකයින් හට සමරුඵලක පිලිගැන්වීමක් ද සිදු කළහ.

Authentic Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival