28th August 2017 19:35:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව විසින් 17 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘ගජබා සුපර්ක්‍රොස් - 2017’ ධාවන තරඟය විශාල නරඹන්නන් පිරිසක් මධ්‍යයේ සාලියපුර, ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී අගෝස්තු මස 27 දින උදෑසන 09.00 ට ආරම්භ විය.
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) ගජබා රෙජිමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් යුද්ධ හමුදා සහ සිවිල් යතුරු පැදි ධාවකයින් හා පරිත්‍යාගශීලි දායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එච්.එම්. රජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය.
‘ගජබා සුපර්ක්‍රොස්’ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;
ට්‍රක් සහ ජිප් රථ විවෘත ඉසව්ව
ලුතිනන් කර්නල් ජේකේඩිජි ජයසිංහ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තෙවන ස්ථානය
ගෲප් එස්එල් ඉ මිනි 1275 සීසී විවෘත ඉසව්ව
ලුතිනන් කර්නල් ජේකේඩිජි ජයසිංහ - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - තෙවන ස්ථානය
ස්ටැන්ඩඩ් 125 සීසී ධාවන පැදි - ජාතික ඉසව්ව
කෝප්‍රල් පි.එන්. විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - තුන්වන ස්ථානය
රේසින් 125 සීසී ධාවන පැදි - ආරක්ෂක සේවා ඉසව්ව
කෝප්‍රල් පි.එන්. විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - තුන්වන ස්ථානය
රේසින් 125 සීසී ධාවන පැදි - ආරක්ෂක සේවා ඉසව්ව
සංඥා සෙබල ඩි.බී.කේ. සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - පළමු ස්ථානය
රේසින් 125 සීසී ධාවන පැදි - විවෘත ඉසව්ව
සංඥා සෙබල ඩි.බී.කේ. සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - දෙවන ස්ථානය
රේසින් 250 සීසී ධාවන පැදි - ජාතික ඉසව්ව
සංඥා සෙබල ඩි.බී.කේ. සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - තුන්වන ස්ථානය
රේසින් 250 සීසී ධාවන පැදි - ආරක්ෂක සේවා ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - දෙවන ස්ථානය
රේසින් 125 සීසී ධාවන පැදි - විවෘත ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - තුන්වන ස්ථානය
රේසින් 250 සීසී ධාවන පැදි (ඉසව් අංක 01) - ජාතික ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - හතර වන ස්ථානය
රේසින් 250 සීසී ධාවන පැදි (ඉසව් අංක 02) - ජාතික ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - හතර වන ස්ථානය
ස්ටැන්ඩඩ් 250 සීසී ධාවන පැදි (ඉසව් අංක 01) - විවෘත ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - තුන්වන ස්ථානය
රේසින් 250 සීසී ධාවන පැදි (ඉසව් අංක 02) - ජාතික ඉසව්ව
සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය - හතරවන ස්ථානය
Authentic Sneakers | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD