Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2017 19:42:46 Hours

ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වන ආරාධිතයින් පිලිගැනීමට නර්තන අංග සහ ඩිජිටල් තාක්ෂණික නීර්මාණ

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වු දේශීය සහ විදේශීය විද්වතුන් පිලිගැනීමට අඟහරුවාදා (29) දින පස්වරුවේ කොළඹ කීන්ග්සබරී (Kingsberry) හෝටලයේ දී යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ අලංකාර සංස්කෘතික සංදර්ශනයන් ඇතුලත් පිලිගැනීමේ උත්සවයක් පැවැත්විණ.

බලංගොඩ ආදී මානවයාගේ කාලයේ සිට ගල් යුගය, ප්‍රාථමික යුගයක්, රටේ මිනිස් ජනාවාස අතිවු අවධියක් නාට්‍යානුරාගයෙන් රඟ දැක්වු ආකාරයෙන් පැමිණි සිටි සියළු දෙනා ප්‍රබෝදයට පත්විය.

ආරක්ෂක ලේකම් , හිටපු ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, සැමිබීයානු යුද්ධ හමුදාධිපති ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

Running sports | nike air jordan lebron 11 blue eyes black people