28th August 2017 19:24:12 Hours
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ’ පලවන දින අවසාන සැසීයේ දී හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා සැසීයේ මුලාසනය හෙබවු අතර, “අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමෙහිලා හමුදාවන් සතු කාර්යභාරය සැසීයේ තේමාව විය.
මහජන අයිතිවාසිකම් ආරක්ෂා කල යුතු බවත්, ගැටුම්කාරි අවස්ථාවලදි පවා මහජන අයිතින් ආරක්ෂා කිරීමට ක්‍රියා කල යුතු බැව් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂක බොරිස් මිෂෙල් (Mr. Boris Michel) නීතිමය ගැටළු සහ කරුණු පිලිබඳ ඔහු විසින් සිදු කල දේශනයේ දී පැවසිය.
ජාත්‍යන්තර මානුෂිය නීතිය පවතින්නේ මනුෂ්‍ය ප්‍රජාවයේ ආරක්ෂාවට බවත් ජාත්‍යන්තර මානුෂීය නීතිය මිනිසාගේ ආරක්ෂාව සඳහා හොඳින් සකස් විය යුතු බවත් පවසමින් ඔහු දේශනය නිමා කළහ.
ග්‍රිසීයෙන් පැමිණ සිටි ජනමාධ්‍ය පිලිබඳ මහාචාර්ය අතීනා කරට්සොගින්නි (Dr. AthinaKaratzogianni) “බුද්ධිමය සයිබර් අවකාශයෙන් පැන නැගෙන තර්ජන සහ උපක්‍රම” පිලිබඳව සිය දේශනය සිදු කරන ලදි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සබඳතා පිලිබඳ මධ්‍යස්ථානයේ විද්වත් සමාජිකයකු වන ඔහු හමුදාවන්හි නීශ්චිත කාර්යාභාරයන් පිටු දැකීම පිලිබඳව වැඩිදුරටත් අදහස් පල කලේය.
Nike Sneakers | Nike Releases, Launch Links & Raffles