Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 18:10:20 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඩෙංගු උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් පවත්වනු ලැබු ‘ඩෙංගු’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම ප්‍රදේශයන් හී සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් අගෝස්තු මස 24 දින පවත්වනු ලැබීය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඩෙංගු මඳුරුවන් සහිත ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු මෙම වැඩසටහන එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

එසේම, ඩෙංගු උවදුර පැතිරයාම අවම කිරීමට ගතයුතු පියවර පිළිබඳව දැනුවත් කරන ලදී.

ඒ අනුව, වෛද්‍ය ප්‍රශීලා සමරවිර මහත්මිය සහ සකුන්තලා ජනකී මහත්මිය විසින් දේශන සහ ඉදිරිිපත් කිරීම් සිදු කර භට පිරිස් දැනුවත් කරන ලදී.

මේ සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයින් 200 කට වැඩි පිරිසක් සහභාගි විය.

Sportswear Design | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth