Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 16:50:59 Hours

නව 54 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත 54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් අතුල ගලගමගේ චාම් උත්සවයකින් අනතුරුව එම ධුරයේ වැඩ භාරගන්නා ලදී.

නව සේනාංකාධිපතිතුමන් වෙත 25 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ සිය කාර්යාලයේ දී රාජකාරි ලිපි කිහිපයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි භාරගැනීම සංකේතවත් කරන ලදී.

54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Best Nike Sneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!