Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2017 14:35:24 Hours

ඇමරිකා එක්සත් ජනපද හමුදා නියෝජිතයින් දිවි පිදු ශ්‍රී ලාංකීය රණවිරුවන්ට ආචාර පුද කරයි

ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාවේ 5 දෙනෙක්ගෙන් සමන්විත හමුදා දුත පිරිසක් අද දින උදෑසන (30) බත්තරමුල්ල ත්‍රිවිධ හමුදා රණවිරු ස්මාරකය අභීයස දී ශ්‍රී ලාංකීය දිවි පිදු රණවිරුවන් වෙත ආචාර පුද කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර මුලස්ථානයේ උතුරු නියොජ්‍ය අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි කරනු ලබන ඕස්ට්‍රේලියානු හමුදාවේ මේජර් ජෙනරාල් රොජර් ජේ. නෝබල් ඇතුළු ඇමරිකානු නිලධාරි 04 දෙනෙකු මෙසේ ආචාර පුද කළහ.

පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් පිරිස් පාලන, කර්නල් අනිල් ඉලංගකෝන් විසින් ඇමරිකානු හමුදා පිරිස් පිළිගත් අතර, ඇමරිකානු හමුදා පිරිසේ සම්බන්ධිකරණ නිලධාරි කර්නල් ලංකා අමරපාල ද සමඟින් ඇමරිකා හමුදා පිරිස දිවි පිදු රණවිරුවන්ට මෙසේ ගෞරව ආචාර පුද කළහ.

මේජර් ජෝන් බෙයාර් (Major John Meyer) , මේජර් බිල්ස් ඒ. බේකර් (Major Miles A Baker) සහ කපිතන් ජේරිමී ඩිසෝන් (Captain Jeremy Dixon) ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකාවේ ආරක්ෂක සම්බන්ධිකරන ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් (Douglas Hess) ද එම අවස්ථාවට එක් විය.

මේජර් ජෙනරාල් රොජර් ජේ. නෝබල් රණවිරු ස්මාරකය අභීයස පුෂ්පෝපහාර පුද කිරීමේ අවස්ථාවේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ සහ යුද්ධ හමුදා පොලිස් භට පිරිස් පසෙක සීරුවෙන් සිටිනු දක්නට ලැබීණි.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව බියුගල් වාදයත් (Last Post) සමඟ දුත පිරිස ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වා ආචාර පුද කළහ.

Nike air jordan Sneakers | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth