Header

Sri Lanka Army

Defender of the Nation

30th August 2017 14:34:24 Hours

අස්ගිරි නාහිමි යාපනයේ ජනතාව, ආරක්ෂක අංශ, ආගමික නායකයින් සහ පරිපාලන නිලධාරින් හමුවේ

අස්ගිරි පාර්ශවයේ අති ජූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන මහා නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා හය නමක් අගෝස්තු මස 28 සිට 30 දින දක්වා යාපනය අර්ධද්වීපයේ ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයන් හී සංචාරයක නිරතවු අතර, එහිදි ආගමික නායකයින්, රජයේ නිලධාරින්, පාසල් බලධාරින්, පරිපාලකයින් සහ අරක්ෂක හමුදා සාමාජිකයින් හමුවිය.

වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හිටපු යාපනය ආරක්ෂක සේනා අඥාපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් සේවය කරන අවදියේ දී සිදු කරන ලද උතුරු සංහිදියා ක්‍රියාවලියට සමගාමීව යාපනය ජනතාවගේ වැඩකටයුතු පිලිබඳව දැකබලා ගැනීමටත් සුහදතාවය පෙන්නුම් කිරීමටත් අති පූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ වෙත කරන ලද ආරාධනයකට අනුව උතුරේ මෙම සංචාරය සිදු කරන ලදි.

ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු සිදු කළහ.

දින තුනක සංචාරය අතරතුරදි, අති ජූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ සහ අනෙකුත් ස්වාමින් වහන්සේලා යාපනයේලන්දේසි කොටුව, නල්ලුර් කෝවිල, දඹකොළ පටුන, කන්ද රොඩි බෞද්ධ විහාරය, නාග විහාරය සහ නාගදීප විහාරය යන ඓතිහාසික ස්ථානයන්හි සංචාරයක නිරත විය.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගරයේ අති පූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් අර්ධද්වීපයේ ආරක්ෂක තත්ත්වය සහ සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව යාපනය ආඥාපති විසින් ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදි අති පූජ්‍ය මහනායක ස්වාමින් වහන්සේ වෙත පෙන්වා දෙන ලදී. උතුරු ප්‍රදේශයේ නාවික හමුදා ආඥාපති, උතුරු පළාතේ නියෝජ්‍ය පොලිස්පති, පලාලි ගුවන් හමුදා කඳවුරේ දෙවන අණදෙන නිලධාරි සහ තවත් කිහිපදෙනෙක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

යාපනය අර්ධද්වීපයේ සංචාරය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලද සේවය පිළිබඳව සාකච්ඡාවේ දී පැසසුමට ලක් කල අතර, ඔවුන් දැක්වු සහයෝගය වෙනුවෙන් ස්තුතිය ද පුද කළහ.

නල්ලූර් හින්දු කෝවිලට වැඩම කළඅති පූජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලා කුරුක්කල්තුමා විසින් ගෞරවාදරයෙන් පිලිගත් අතර, යාපනය අර්ධද්වීපයේ සංචාරය කිරීම වෙනුවෙන් ඔහු ස්තුතිය පුද කළහ.

මෙම සංචාරයේ අවසන් අදියර ලෙස බදාදා (30) දින සන්ධ්‍යාවේ සංචාරක ස්වාමින් වහන්සේලා විසින් යාපනය අති පුජ්‍ය මඩිහේ පඤඤාශීහ මහා විද්‍යාලයේ සිසුන් වෙත පාසල් උපකරණ විශාල ප්‍රමාණයක් බෙදාදුන් අතර, එම වැඩසටහන යුද්ධ හමුදාව විසින් සංවිධානය කර තිබුණි.වර්තමාන යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආඥාපති ලෙස සේවය කළ අවස්ථාවේ දී නිම කරන ලද නල්ලීනාකපුරම් නිවාස සංකීර්ණය ද උන් වහන්සේලා විසින් නිරීක්ෂණය කලහ.

Authentic Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff