28th August 2017 19:23:35 Hours
ශ්‍රී ලංකාවේ සහ මාලදීවයිනේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෙම්ස් ඩව්රිස් මහතා (Mr. James Dauris) අඟහරුවාදා (29) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවිය.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට පැමිණි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන නියෝජනය කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් පිළිගනු ලැබීය.
මෙම සුහද හමුවේ දී අන්නෝන්‍ය සබදතාවන් පිළිබඳව සාකච්ඡා ද කරනු ලැබීය. 57 වන සේනාංකයේ සේනාංකධිපතිතුමන් ප්‍රජා මහජන සම්බන්ධතා බල ප්‍රගතිය මෙන්ම දෙරටෙහි අන්නෝන්‍ය හා සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.
මෙම සුහද හමුව අවසානයේ දී 57 වන සේනාංකයේ සේනාංකාධිපති සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
මෙම සංචාරය සනිටුහන් කරමින් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද සටහනක් තැබීය.
jordan release date | nike air speed turf rose gold price per gram