28th August 2017 18:25:17 Hours
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ හී දෙවන දිනයේ දී චීනය, මැලේසීයාව, ඕමානය, සවුදි අරාබිය සහ යුක්රේන ජ්‍යෙෂ්ඨ හමුදා නියෝජිතයින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හී විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
චීනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේනියෝජ්‍ය සේනාවිධායක ජ්‍යෙෂ්ඨ කර්නල් ගුවෝ ශීන්නින් (Colonel Guo Xinning ), මැලේසියානු යුද්ධ හමුදාවේ කර්නල් අඩි රිස්වාන් බින් අබ්දුල්ලාහ (Colonel Adi Ridzwan bin Abdullah), ඕමාන් යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් සයිඩ් බක්හීට් මසාවුඩ් ටබුක් (Brigadier Said Bakheet Masoud Tabook), සවුදි අරාබි හමුදාවේ කොමදෝරු කාලීඩ් අයොඩ් එස්. අලගත්නී (Khalid Ayed S Algathani) සහ යුක්රේන හමුදා කර්නල් ඕලේහ හුලක් (Colonel OlehHulak) මෙසේ යුද්ධ හමුදාධිපතිවරයා සමඟ වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වුහ. යුද්ධ හමුදාධිපති සහ විදේශ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර පැවැති සාකච්ඡාවන් හීදි ද්වීපාර්ශීක අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සහ ආරක්ෂක හමුදාවන්හි කාර්යභාරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ විද්වත් මඩුල්ලක් හමුවේ දැනුම බෙදාගැනීමේ අරමුණින් යුතුව සංවිධානය වන වාර්ෂික අංගයක් ලෙස ප්‍රචලිතව ඇති බව එම විදේශ නියෝජිතයන් සඳහන් කළහ. තවද, එම සම්මන්ත්‍රණයේ මනා සංවිධාන කටයුතු පිළිබඳව ඔවුන් ප්‍රශංසාව පල කර සිටියහ. එසේම, ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ ලොව වාර්ෂික හමුදා දින දර්ශකයන්හි වැදගත් අවස්ථාවක් සනීටුහන් කිරීම පිලිබඳව ද අදහස් දක්වන ලදී.
මෙම සුහද හමුවීම් අවසානයේ දී විදේශීය ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදාධිපති අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
Best Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov