29th August 2017 18:30:21 Hours
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 හී දෙවන දින සැසීවාර අද (29) උදෑසන “අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ යාන්ත්‍රණ” තේමාව යටතේ හිටපු තානාපතිනි සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය සැසීවාර මුලාසනය හොබවමින් ආරම්භ විය. මේජර් ජෙනරාල් රොගර් ජේ. නොබල් (එක්සත් ජනපද ශාන්තිකර කලාපීය ඔිස්ට්‍රේලියානු හමුදා මුලස්ථාන උතුරු නියෝජ්‍ය අණදෙන නිලධාරි ජෙනරාල්) සිංගප්පුරුවේ Nanyang Technological University (NTU) විශ්ව විද්‍යාලයේ අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩලීම පිලිබඳ විශේෂඥ සබාරියා බින්ටේ මොහොමඩ් හසන් මහත්මිය සහ කැලිෆෝනියා සදර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිකොලාස් ජේ. කල් (Prof. Nicholas J. Cull) මෙම සැසීවාර මූලාසන සභීකයින් ලෙස අසුන් ගත්හ.
ආචාර්ය සරලා ප්‍රනාන්දු මහත්මිය තම අදහස් පල කරමින් ත්‍රස්තවාදය සහ අන්තවාදී ප්‍රචණ්ඩත්වය එකම කාසියෙහි දෙපැත්ත බදු වුවද ඒවා සමාන කිරීම සඳහා වෙනත් පිලිවෙත් සහ කාල සීමාවන් අවැසි බවයි. නීතිමය යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිලිබඳ තම අදහස් පල කල ඇය ගෝලීය කරණයත් සමඟ හමුදාවන්ගේ රාජ්‍ය දේශ සීමා ආරක්ෂා කිරීමේ සම්ප්‍රදායික කාර්යභාර්ය තවදුරටත් අදාල නොවන බවයි. ගෝලීය, බහුවාර්ශීවික, කලාපීය සහ ජාතික වශයෙන් සමුහීක මාර්ගයක් ඒ සඳහා සොයා ගැනීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන ලදී.
බටහිර ආසියානු තෙල් සම්පතින් පොහොසත් කලාපය සංසන්දනාත්මකව සලකා බැලිමේදි අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීමේ සාර්ථකභාවයක් නැගෙනහිර ආසියාව විසින් අත්පත් කරගෙන ඇති බැව් සඳහන් කලේය. ඉස්ලාම් අන්තවාදය පිලිබඳ බියට එදිරිව සිදුවන අනතුරු ඇඟවීම් ගැටළු තීව්‍රර කර ඇති බවත් ඇය තවදුරටත් පැවසීය.
බටහිර ආසියාවේ සිට සටන්කාමීන් පෙරලා පැමිණිම පිලිබඳව සඳහන් කරමින් තොරතුරු හුවමාරු කරගැනීමේ අවශ්‍යතාවය ඇය විසින් අවධාරණය කරන ලදී. ප්‍රචණ්ඩ අන්තවාදය පිටු දැකීමට සුවීශේෂී ක්‍රමවේදයක් හෝ පිලිවතක් නොමැති බවත් එසේම හුදකලා ප්‍රහාර කලාතුරකින් සිදුවීමත් එම ප්‍රහාර හුදකලාවම සිදුනොවීමත් යන කරුණු හේතු කොටගෙන අනවශ්‍ය ලෙස බියවීමට හේතුවක් නොවන බවත් පැවසීය.
ජාත්‍යන්තර ප්‍රචාරක කටයුතු පිලිබඳව මහාචාර්ය කල් අදහසක් ඉදිරිපත් කල හෙයින් මා හටද අපගේ මෙහි සිටින විදේශ අමුත්තන්ට පැවසීමට යමක් තිබේ.
ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය 1925 වර්ෂය දක්වා දිවයයි. (BBC) සේවය ආරම්භ කර වසර 3 ක් යන්නටත් මත්තෙන් අප ශ්‍රී ලංකාව, ජර්මානු අල්ලාගත් සබ්මැරිනයකින් ගලවා ගත් රේඩියෝ උපකරණ භාවිතයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලදී. එය ආසීයාවේ පලමු ගුවන් විදුලි සේවයයි. ලෝකයේ දෙවන ගුවන් විදුලි සේවයයි. රේඩියෝ සිලෝන් එවකට දකුණු ආසියාවේ විශාල බලපෑමක් සංගිතමය වශයෙන් සිදුකලද අද එම ස්ථානය බොලිවුඩ්, රූපවාහිනීය සහ නව මාධ්‍ය තාක්ෂණය විසින් අත්පත් කරගෙන ඇත.
Nike sneakers | adidas Yeezy Boost 350