Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2017 18:33:31 Hours

අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩලීමේහිලා කලාපීය සහ ගෝලීය සංවිධාන වල කාර්යභාරය අවධාරණයට

කොළඹ ආරක්ෂක සම්මනත්‍රණයේ දෙවන සැසීයේ ප්‍රචණ්ඩ අන්තවාදය පිටු දැකීමේ තේමාව යටතේ දැන් පැවැත්වෙන විද්වත් කථීකාවන්ට බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබඳ දෙපාර්තුමේන්තුවේ ආචාර්ය ලයීලුෆර් ජෙස්මින් (Dr. Lailufar Yasmin) විද්වත් සකච්ඡා සභීකයකු වශයෙන් සහභාගි විය.

ඉන්දියානු රජයේ විශේෂ ලේකම්වරියක සහ නව දිල්ලි ආරක්ෂක සහ විශ්ලේෂක ආයතනයේ (Institute for Defence Studies and Analyses) ජ්‍යෙෂ්ඨ විද්වතකු වන ප්‍රබා මුර්ති මහත්මිය මුලාසනය හොබවු මෙම සැසීයේ මහාචාර්ය යස්මින්, එංගලන්තයේ (Royal United Services Institute for Defence and Security Studies) ආයතනයේ මයිකල් ජෝන්ස් මහතා, ඔස්ට්‍රේලියා බෙන්ට්ලි සරසවියේ ජනමාධ්‍ය අධ්‍යයන පාසලේ මහාචාර්ය ඇලෙක්සි ඩී. මුරාවිව් (Dr. Alexey D Muraviev) ද සකච්ඡා සහීකයන් ලෙස අසුන් ගත්හ.

ආසියාන් (SAARC), සාක් (ASEAN) සහ කලාපීය සංවිධානයන් හී කාර්යභාරය පිලිබඳ විශ්ලේෂණය කරමින් තම අත්දැකීම් අනුසාරයෙන් ඉන්දුනීසියාවේ සිදුවීමක් උදාහරණයට ගනීමින් ඔහු විසින් ප්‍රචණ්ඩ අන්තවාදය පිලිබඳව පැහැදිලි කරන ලදී.

මහචාර්ය යස්මින් ගේ අදහස් පහතින් දැක්වේ;

හඳුන්වාදීම

දේශපානය මත පදනම් සමාජ ප්‍රජාවන් ඇති වු දා සිට ත්‍රස්තවාදය මිනිස් ප්‍රජාවට හානි කරමින් පවති. බලාධිපතිත්වය පිලිබඳව නොසතුට සහ කලකිරීම් ඇතැම් මනුෂ්‍ය කණ්ඩායම් සාමයේ මාවතින් බැහැරව නීතිවිරෝධි ලෙස යුක්තිය සාධාරණත්වය සෙවීමට පෙළඹවයි.

ඉතිහාසය පුරා මෙසේ නිතිවිරෝධි මාර්ග සහ විවිධ ක්‍රමවේදයන් හරහා රාජ්‍යතාන්ත්‍රිකයින්, දේශපාලන නායකයින් හා සාමාන්‍ය ජනතාව ඉලක්ක කොට එල්ල කරන ප්‍රහාර ත්‍රස්තවාදය නමින් ප්‍රචලිතවි ඇත.

ත්‍රස්තවාදය පිලිබඳව අර්ථ දැක්වීම් 200 කට වැඩි ප්‍රමාණයක් විද්වතුන් විසින් හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් ත්‍රස්තවාදයේ ස්වභාවය කෙසේ දැයි හඳුනාගැනීම දුෂ්කර වී ඇත. කරුණු එසේ වුවද ත්‍රස්තවාදයේ අදියර 5 ක් හඳුනාගත හැකිය. ආරාජිකභාවය, යටත් විජිත විරෝධිභාවය, නව වාමාන්ශීක රැල්ල, ආගමික සහ අන්තවාදී රැල්ල එම අදියර 5 ක් ලෙස හැඳින්විය හැකිය.

ප්‍රචණ්ඩ අන්තවාදය යනු,

ත්‍රස්තවාදය පිලිබඳව පිලිගත් හඳුන්වාදිමක් හා ත්‍රස්තවාදය පිලිබඳව කිසියම් වු නීර්ණායක් ත්‍රස්තවාදය යන වැකීය දේශපාලනීකරණයවීම නිසා දැක්වීම අපහසු වී ඇති නමුත් වර්ෂ 2005 දී ජෝජ් බුෂ් පාලන සමයේ දී එවැනි අර්ථ දැක්වීමක් කර ඇත. කෙසේ නමුදු එම අර්ථ දැක්වීමේ භාවිතයට පැමිණියේ මැඩ්රිඩ් බෝම්බ ප්‍රහාරය හා ලන්ඩන් නුවර පොදු ප්‍රවාහන පද්ධතියට එල්ල කරන ලද ප්‍රහාරවලින් අනතුරුවය. ජාතික ආණ්ඩු සහ ජාත්‍යන්තර ප්‍රජාවට හඳුනාගැනීම අසිරු ත්‍රස්තවාදය සබෑදි ප්‍රධාන කරුණු 2 ක් ඇත. එනම්, ත්‍රස්තවාදයේ අරමුණු සහ එහි අකාරුණික ස්වභාවය. එයට ආගමික පදනමක් ඇත එහෙත් සියල්ල මුලිනුපුටා දැමීම ත්‍රස්තවාදයේ ස්වභාවයයි.

අප විසින් සෘජු නොවන ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කරගත යුතුව ඇත. ආකල්පමය වශයෙන් ත්‍රස්තවාදය වැලඳගැනීම මෙයට උදාහරණයකී. ඒ අනුව, ආරක්ෂක අංශ වල මැදිහත්වීම තවදුරටත් අත්‍යවශ්‍ය නොවේ.

වර්ෂ 2015 දී පකිස්තානයේ ත්‍රස්තවාදයට සම්බන්ධ ප්‍රචණ්ඩත්වය අඩුවීමක් දක්නට ලැබුන ද එම රට තවදුරටත් ත්‍රස්තවාදි ප්‍රහාර වලට නතුවී ඇත. පාසල් ආදී ස්ථාන තවමත් පකිස්තානයේ ත්‍රස්තවාදී ඉලක්ක වේ. පකිස්තානයේ (Tehrik-e Taliban) වැනි ත්‍රස්ත කණ්ඩායම් වලට එරෙහිව පකිස්තානු හමුදා සහ ආරක්ෂක අංශ ක්‍රියාන්විත දියත් කොට ඇත.

වර්ෂ 2015 දී අයිඑස්අයිඑස් සංවිධානය එහි නිල ශාඛා ඇෆ්ගනීස්ථානයේ සහ පකිස්තානයේ පිහිටුවීම ප්‍රසිද්ධ කරන ලදි. ඇෆ්ගනිස්ථානු තලේබාන් සහ Tehrik-e Taliban Pakistan (TTP) සංවිධාන වලින් කැඩි වෙන්වි ආ කොටස් අයිඑස්අයිඑස් හා සම්බන්ධ වී ඇෆ්ගනිස්තාන රජයේ දේපල, තලෙයිබාන් සහ සාමාන්‍ය වැසියන් ගේ දේපල වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ඉන්දියාව තවමත් මාඕ ගරිල්ලා සහ රටවල් අතර අපරාධ කණ්ඩායම් වල ප්‍රහාරයන් ගෙන් පිඩා විදියි. 2015 ජුලි මසදී පන්ජාබ් හී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. බංගලාදේශය ත්‍රස්තවාදයට එරෙහිව ඉතා දැඩි පිලිවෙතක් අනුගමනය කරයි. මේ අතර, කලාපීය සංවිධානයන්ට ජාතික මට්ටමින් ත්‍රස්තවාදි මර්ධනයට සහභාගි විය නොහැකි බවත් එසේම එවැන්නක් උත්සහ නොකල යුතු බවත් එංගලන්තයේ Royal United Services Institute (RUSI) ආයතනයේ විද්වත් විශ්ලේෂක මයිකල් ජොන්ස් මහතා පැවසිය.

පහත සඳහන් කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතු බැව් මයිකල් ජොන්ස් මහතා වැදුරටත් පැවසිය.

සැකසීම පිලිබඳ ගැටළු

සීමිත දේශීය සාධක සහ කලාපීය මට්ටමේ නියෝජනය

සීමිත නම්‍යශීලිභාවය සහ නම්‍යශීලිභාවය

ප්‍රති ප්‍රචණ්ඩතාවය වර්ධනයේ තත්ව, වැඩි සැලකිම් සහ පිලිගත් ආකල්ප

කලාපීය මැදිහත්වීම්

buy footwear | Nike