28th August 2017 18:37:29 Hours
“අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම” යන තේමාව යටතේ වු කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ දෙවන සැසීයේ දී අදහස් දැක්වු ඔස්ට්‍රේලියානු බෙන්ට්ලි සරසවියේ ජනමාධ්‍ය, සංස්කෘතිය සහ නිර්මාණාත්මක කලා අධ්‍යයන දෙපාර්තුමේන්තු ප්‍රධානී ආචාර්ය ඇලෙක්සී ඩී. මුරවිව් (Dr. Alexey D Muraviev) ආක්‍රමණශීලි ප්‍රති ත්‍රස්තවාදය (offensive counter terrorism) සහ ආරක්ෂක ප්‍රති ත්‍රස්තවාදය (defensive counter terrorism) අතර වෙනස්කම් පැහැදිලි කර දුන්හ.
ත්‍රස්තවාදය වැලැක්වීම, ත්‍රස්තවාදය පැතිරයාමට ආධාර වන තත්ව සාධකයන්, රාජ්‍ය හැකියවන් වර්ධනය සහ එක්සත් ජාතින්ගේ කාර්යභාරය සවිමත් කිරීමේ වැදගත්කම තම දේශනයේ දී ඔහු පෙන්වා දුන්හ.
ප්‍රථමික තර්ජනයන්ට හේතු සාධක, එදිරිවාදි අභීප්‍රායන්, එදිරිවාදී හැකියාවන්, අනාරක්ෂිතභාවයන්, ත්‍රස්ත තර්ජන පිලිබඳ නීර්ණය, ත්‍රස්ත අනතුරු පිලිබඳ නීර්ණයන් පිලිබඳව ඔහු සිය දේශනයේ දී අවධානය යොමු කරන ලදී.
ගෝලීය රාජ්‍ය සංකල්පය සහ ගෝලීය රාජ්‍ය අරමුණු දුර්වල කෙරෙන සාධකයන් පිලිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම ඔහු විසින් මතු කරන ලදී. ප්‍රථමික හේතු සාධක, එදිරිවාදි අරමුණු, එදිරිවාදි හැකියාවන්, අනාරක්ෂතභාවය ත්‍රස්ත අනතුරු පිලිබඳ සහ ත්‍රස්ත තර්ජන පිලිබඳව නිසි තක්සේරුවකින් කටයුතු කිරීමේ වැදගත්කම ඔහු විසින් අවධාරණය කරන ලදි.
Running sport media | Sneakers