Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 16:00:51 Hours

පිලිපීන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ අදහස් හුවමාරු කර ගනියි

පිලිපින යුද්ධ හමුදාධිපති කර්නල් රේමුන්ඩෝ ඇකෝඩා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වෙන සම්මන්ත්‍රණ සැසිවාරයන් අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවුහ.

දෙරට හමුදා අතර, පවතින සුහද සම්බන්ධතාවය පිළිබඳව සඳහන් කරමින් සාකච්ඡා ආරම්භ කල කර්නල් රේමුන්ඩෝ ඇකෝඩා එම සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කිරීමේහිලා ඇති අවකාශයන් සහ අවස්ථාවන් පිලිබඳව අදහස් හුවමාරු කරගත්හ.

පිලිපින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරි සහ පිරිස සාදරයෙන් පිලිගත් යුද්ධ හමුදාධිපතිතුමා ඔවුන් සියළු දෙනාටම තම හෘදයාංගම කෘතඥතාවය පුද කලහ. මෙම හමුව සිහිගන්වනු වස් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිලිපින කර්නල්වරයාට සමරුඵලකයක් ද එම අවස්ථාවේදි ප්‍රදානය කලහ.

latest jordan Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%