Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 18:27:53 Hours

කැනේඩියානු ආරක්ෂක සම්මන්ත්‍රණ නියෝජිත ගැටුම් වලට හේතු විශ්ලේෂනය කරයි

තිස් අවුරුද්දක් පුරා පැවැති ඇතැම්විට ගැටුම්කාරී ඉතිහාසයේ බලපෑම් වලට ද හසුවු ශ්‍රී ලංකාවේ එල්ටිටිඊ ත්‍රස්තවාදය අන්තවාදි මුලධර්මවාදයට කදීම නිදසුනක් බැව් කැනඩාවේ (Borealis Threat and Risk Consulting Ltd) ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ෆහිල් ගුර්ස්කි මහතා කොළඹ ආරක්ෂක සමුළුවේ පලවන සැසිවාරයේ දී (28) අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිලිබඳ සිය දේශනයේ දී පැවසිය.

තවද, පුද්ගල අන්තවාදය කිසියම් හෝ මුලධර්මවාදයක් ගැටුමක් බවට පරීවර්ථනයවීමෙහිලා බලපෑහැකි බවට තම අදහස් පල කලේය.

අන්තවාදි මුලධර්මවාදි ප්‍රචණ්ඩත්වය හඳුනාගැනීමට කිසියම් හෝ පිලිගත් ක්‍රමවේදයක් හෝ මිනුමක් නොමැත. ප්‍රජාව, සමාජ තත්වයන්, ආගම සහ ඇතැම්විට පුද්ගල ක්‍රියාදාමයන් අන්තවාදි මුලධර්මවාදි ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වී උග්‍ර ගැටුමකට පරිවර්තනය විය හැකිය.

වැරදි වැඩසටහන්, අනවශ්‍ය සැලසුම් ක්‍රියාකාරකම් ද ගැටුමකට මූල බිජය විය හැකිය. මිනිසුන් ප්‍රචණ්ඩකාරි වන්නේ ඇයි? දුප්පත්කම, අධ්‍යාපනය අඩුකම, මුදල් අගහිඟකම, මානසික රෝග, මුලධර්මවාදයන් ආදිය ප්‍රධාන වශයෙන් අන්තවාද ගැටුම් ඇතිවිමට හේතුවන බැව් ඔහු වැඩිදුරටත් පැවසිය.

Nike air jordan Sneakers | Nike