Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 17:32:34 Hours

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය ආරක්ෂක ගැටළු පිළිබඳ බුද්ධිමය සංවාදයක් ගොඩනගයි - ආරක්ෂක ලේකම්

අන්තවාදි දේශපාලනික , සමාජිය, සංස්කෘතික, ආගමික මුලධර්මවාදයන් මත පදනම් පුද්ගලයින් ප්‍රචණ්ඩත්වයේ යෙදිම වැලැක්විමට සැලසුම් කල වැඩසටහන්, මැදිහත්විම් සහ ප්‍රතිපත්ති “අන්තවාදි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමයි”, එය ත්‍රස්තවාදය වැලැක්විමේ පුළුල් සංකල්පයෙහි එක් වැදගත් සාධකයකි.

අගෝස්තු 28 හා 29 දෙදින පවත්වනු ලබන අන්තවාදි ප්‍රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්‍රවණතා යන තේමාව යටතේ 7 වන වරටත් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ආරක්ෂක සම්මන්ත්‍රණයේ අරමුණ වන්නේ ජාතික, කලාපිය සහ ගෝලීය උපක්‍රමික අන්තර් සම්බන්ධතාවයන් ගොඩනැගීමයි. ආරක්ෂක ලේකම්තුමාගේ කථාව සංක්ෂිතව පහතින් දැක්වේ.

ප්‍රථමයෙන්ම, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ව සාදරයෙන් පිලිගනිමි. කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 හී අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්‍රවණතා යන තේමාව යටතේ ආරම්භක දේශනය පැවැත්වීමට අවස්ථාව ලැබීම මට මහත් අභීමානයකි.

ජාතික, කලාපිය සහ අන්තර් ජාතික ආරක්ෂාව පිලිබඳව විද්වත් බුද්ධිමය සංවාදයක අවශ්‍යතාවය වෙනුවෙන් වර්ෂ 2011 හිදි ආරම්භ කරනු ලැබු ‘ආරක්ෂක සම්මන්ත්‍රණය’ වර්ෂ 2016 වන විට වැඩි වටිනාකමක් හා පිලිගැනීමක් ලබාදිම සඳහා ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ නමින් නම් කෙරුණි.

ලොව විවිධ රටවල් වලින් ලැබු පිලිගැනීමත්, උනන්දු කිරීමත් හේතුවෙන් අද වන විට යුද්ධ හමුදා දින දර්ශනයේ ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට’ සුවීශේෂි ස්ථානයක් ලැබී ඇත. කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය පවත්වනු ලබන්නේ හමුදාවන් ලැබු අත්දැකිම් බෙදා හදාගැනීමේ අරමුණින් පමණක් නොවේ. ජාතික, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් විද්වත් බුද්ධිමය අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගිම ද මෙහි අරමුණ වේ.

වර්තමානයේ දී ප්‍රචණ්ඩත්වය ලොව සැම තැනකට පාහේ දක්නට ලැබේ. බහුතර මහජනතාව ප්‍රචණ්ඩත්වය හරහා පැනනැගෙන භීෂණයේ ගොදුරක් බවට පත් වී ඇත. මෙවන් සංදර්භයක් තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය ලෝකයේ සිව්දෙස ආවර්ණය කෙරෙමින් විද්වත් දේශකයින්ට සහ රටවල් 83 ක හමුදා නියෝජිතයින්ට “ප්‍රචණ්ඩ ත්‍රස්තවාද වැලැක්වීම” අරභයා බුද්ධිමය සංවාදයක නිරතවීමට ආරාධනා කර සිටි.

අද ලෝකයේ ජාත්‍යන්තර තලයේ, ඇතිවන බහුවිධ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් ජාතින් අතර අසහනය සහ සැකය ජනීත කරයි. මෙම ප්‍රවණතාවය අන්තර් සම්බන්ධතාවන් සහිත වේගවත් හා අවිනිශ්චිත ලෙස ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල කරමින් පවතියි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සහ අන්තර් සම්බන්ධතාවයන් එම ගැටළු වඩාත් තිවු කරයි.

අන්තවාදි දේශපාලනික, සමාජිය, සංස්කෘතික සහ ආගමික මුලධර්මවාදයන් මත පදනම් වී පුද්ගලයින් සිදු කරන ප්‍රචණ්ඩකාරි ක්‍රියා වැලැක්වීමේ අරමුණින් වු මැදිගත්විම් උපක්‍රම, වැඩසටහන් සහ ප්‍රතිපත්ති අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකීම නම් වේ.

මෙම තර්ජනයට කිසිම රටකට තනිව මුහුණදිය නොහැකි බැව් අප අවබෝධ කර ඇත. ජාතින් එකමුතු වී ඉටු කරන සාමුහික ආරක්ෂක උපක්‍රම තුලින් වේගයෙන් වෙනස් වන ගෝලීය ආරක්ෂක සංදර්භයේ අනුමාන අනාගත ක්‍රියාන්විත අවශ්‍යතා වෙනුවෙන් වු වඩාත් ප්‍රයෝගික වු වැඩපිලිවලක් අත්‍යවශ්‍ය වී තිබේ.

මෙම අවශ්‍යතාවය, ජාතින් එකමුතුව වැඩ කිරීමටත් වඩාත් සුදුසු ආරක්ෂක ප්‍රතිපත්ති සැකසිමටත් ඒ හරහා තාක්ෂණික, අමානුෂික සහ අවිනිශ්චිත නුතන එදිරිවාදිකම් වලට මුහුණදිමටත් අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට ඇත.

මෙම සම්මන්ත්‍රණය අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටු දැකිමෙහිලා අප තුල ඇති සැකමුසු දුරලා දැනුමින් පෝෂණය කරනු ඇති බව නිසැකයි. තවද අපගේ ආරාධනයෙන් මෙහි පැමිණ ඇති විද්වතුන් සම්මන්ත්‍රණයේ තේමාව යටතේ උසස් බුද්ධමය සංවාදයක යෙදෙනු ඇති බවට මගේ සැකයක් නොමැත. යුද්ධ හමුදාධිපතිතුමා මහත් කැපවිමෙන් දුෂ්කර වු මෙම කර්තව්‍යය ඉටු කිරීම පිලිබඳව පැසසුමට මා මෙය අවස්ථාවක් කර ගන්නා අතර, යුද්ධ හමුදාවට සියළු බාධක මැඩලිමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

අවසාන වශයෙන්, ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම ජාතීන් සහ ප්‍රජාවන් අතර සංවර්ධනය, සෞඛ්‍ය සහ සෞභාග්‍ය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බැව් පවසමි. ඔබ සියළු දෙනාටම ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ දැනුම ලබා දෙන උද්යෝගිමත් අත්දැකිමක් වනු ඇති බවත් සතුටු දායක මතකයන් රැගෙන නිවෙස් බලා ආපසු යාමටත් මා ප්‍රාර්ථනා කරමි.

best Running shoes brand | Nike Air Max 270