Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 18:21:11 Hours

පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිස බටහිර ආසියානු අන්තවාදය පිටු දැකීමේ ගැටළු පහදයි

‘බටහිර ආසියාව : ජාතික දැක්ම : ගැටළු සහ අර්බුද’ යන උප තේමාව යටතේ කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017 ආරම්භක සැසියේ දී තම අදහස් පලකල පකිස්තානයේ කලාපීය ස්ථාවරභාවය පිලිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්වත් පරියේශක සහ පකිස්ථානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විද්වත් සාමාජික මොහොමඩ් අබ්බාස් මහතා ගෝලීය මට්ටමින් අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමේහිලා පැහැදිලි සැලැස්මක අවශ්‍යතාවය පිලිබඳව අවධාරණය කරන ලදි.

ජනගහනය, තෙල් සහ ගෑස් සම්පත් අතර, සිරියානු ගැටුම්, අයිඑස්අයිඑස් , ඉරාක සිවිල් යුද්ධය සහ අයිඑස්අයිඑස් , සවුදි අරාබිය හා ඉරාන වක්‍ර ගැටුම් , සවුදි ආරාබි යේමන ගැටුම්, තුර්කියේ අසහනකාරි තත්වය, ඊශ්‍රායල් පලස්තින අර්බුදය, බහරේන් කටාර් හි ගැටළු වැනි බටහිර ආසියානු රටවල් බහුවිධ ගැටුම් සඳහා තෝතැන්නක් වි ඇති අයුරු ඔහු විසින් තම දේශනයේ දී මනාව පෙන්වා දෙන ලදි.

ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවයන් පිටු දැකීම අහුරන ඇතැම් සාධක පිලිබඳව ද මෙහිදි අබ්බාස් හසන් මහතා පැහැදිලි කලහ. නුසුදුසු මිත්‍ර පාර්ශවයන්, බටහිර පිල් බෙදිම්, රාජතාන්ත්‍රික ආසාර්ථකභාවයන්, සරණාගතයින් පිලිබඳ අර්බුදය වැනි වියවුල් සහ තෙල් මිල පහල යෑම, ත්‍රස්තවාදය, රුසියානු තුර්කි සම්බන්ධතා, කාලගුණික විපර්යාස වැනි ගැටළු තම දේශනයේ දි ඔහු විසින් කරුණු සහිතව පැහැදිලි කලහ. බටහිර ආසියාව සම්පුර්ණයෙන්ම වෙනස් වු අස්ථාවර, අවිනිශ්චිත, බෙදිගිය කලාපයක් වී ඇති බැව් ද ඔහු විසින් ප්‍රකාශ කලේය.

පැහැදිලි පුළුල් සැලැස්මකින් තොරව අන්ධකාර ලෙනක කෙලවර වු ආලෝකය දැකිය නොහැකි බැව් ඔහු විසින් අවසාන වශයෙන් පෙන්වා දුන්හ.

affiliate tracking url | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth