Header

Sri Lanka Army

Defender of the Nation

28th August 2017 17:33:44 Hours

සැමිබියානු යුද්ධ හමුදාධිපතිතුමා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවෙයි

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවෙමින් සිටින සැමිබියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පෝල් මිහෝවා අද දින (28) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

ද්විපාර්ශීක කරුණු කාරනා රැසක් පිලිබඳව සාකච්ඡාවක යෙදුණු යුද්ධ හමුදාධිපතිවරුන් දෙදෙනාගේ සාකච්ඡාවට අප්‍රිකානු අර්ධද්වීපයේ අන්නෝන්‍ය අවබෝධතාවයන් පිලිබඳව ද ඇතුලත් විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සැමිබියානු යුද්ධ හමුදාධිපතිවරයාට සහ පිරිසට කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගිවීම ගැන සිය කෘතඥතාවය පල කලේය.

මෙම හමුව සිහිගන්වනු වස් හමුදාධිපතිවරුන් අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

Nike air jordan Sneakers | Men's Sneakers