Header

Sri Lanka Army

Defender of the Nation

25th August 2017 11:08:58 Hours

යුද්ධ හමුදාවෙන් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ඩෙංගු උවදුර දැනුවත් කිරීමේ වැඩසටහනක්

රටේ විවිධ ප්‍රදේශවල පැතිරෙමින් පවතින ඩෙංගු වසංගත තර්ජනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සාමාන්‍ය වැසියන්ගේ, පොළිස් නිලධාරින්, භඨ පිරිස් සහ වෙරළ ආරක්ෂක භඨ කණ්ඩයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් පසුගියදා (22 අඟහරුවාදා) 22 වන සේනාංකය යටතේ වූ සියළු බලසේනාවන්හි ක්‍රියාත්මක කෙරුණි.

22 වන සේනාංකය මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරයා හා සම්බන්ධතාවයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අඟහරුවාදා (22) පැවැත්විණි.

සීග්‍රයෙන් පැතිරයන ඩෙංගු උවදුර පිළිබඳව මෙහිදී මහජනතාව දැනුවත් කළ අතර 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මේ කර්තව්‍යයෙහිලා මූලිකත්වය ගෙන තිබුණි.

උප්පුවේලි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. ඉන්ද්‍රාමනී මහත්මිය මෙහිදී ඩෙංගු උවදුර සහ වැලැක්වීම පිළිබඳව වැදගත් දේශණයක් සිදුකළහ.

වැඩසටහන සමාප්තියේ දී 222 බළසේනාධිපති විසින් දේශකයින්ට ඔවුන්ගේ දායකත්වය අගයමින් සමරු ඵලක පිළිගන්වන ලදි.

Adidas shoes | New Releases Nike