Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2017 19:08:09 Hours

රාජාංගනය දකුණ පාසල් සිසුන්ට සහ සාමාන්‍ය වැසියන්ට ඇස් කණ්නාඩි නොමිලේ

සාලියවැව යුද හමුදා වෘත්තීය පුහුණු අභ්‍යාස මධ්‍යස්ථානය 23 වන බදාදා දින 7 වන වරටත් රාජාංගනය, ආඩියාගල රජමහා විහාරයේදී දෘෂ්‍යාබාධයන්ගෙන් පෙලෙන සාමාන්‍ය වැසියන් වෙනුවෙන් ජංගම අක්ෂි සායනයක් පවත්වා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම සිදු කෙරුනි.

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ ඉල්ලිමකට ප්‍රතිචාරයක් ලෙස ‘කැන්ඩි ඔප්ටිකලස්’ (Kandy Opticals) පෞද්ගලික ආයතනයේ වෛද්‍ය නිමල් වීරකෝන් මහතා ඇස් කණ්නාඩි 10 ක් රාජාංගනය, මහසෙන් මහා විද්‍යාලයේ දෘෂ්ඨි ආබාධයෙන් පෙලෙන සිසු දරුවන් වෙනුවෙන් ප්‍රදානය කලහ. අක්ෂි වෛද්‍ය සායනයෙන් හදුනාගත් කියවීමේ දුබලතාවය ඇති පුද්ගලයින් 133 කටද එම අවස්ථාවේදී ‘කැන්ඩි ඔප්ටිකල්ස්’ පුද්ගලික ආයතනය විසින් කියවීම සඳහා වන ඇස් කණ්නාඩි (reading glasses) නොමිලේ ප්‍රදානය කිරිම සිදුකෙරිණි.

ආඩියාගල රජමහා විහාරාධිපති, යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් වි.ඩි.එස්. පෙරේරා, රාජාංගනය ප්‍රාදේශීය ලේකම්, ප්‍රදේශයේ රජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.

Sports Shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1