Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2017 22:53:38 Hours

‘ස්පෝටෙක්ස් - 2017’ ප්‍රදර්ශනයේ යුද හමුදා ප්‍රදර්ශන කුටියක්

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි (BMICH) අගෝස්තු මස 26 – 27 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිඩා අධ්‍යාපනික ප්‍රදර්ශනය වන ‘ස්පෝටෙක්ස් - 2017’ හි යුද හමුදාධිපතිගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදා ප්‍රදර්ශන කුටියක් පැවැත්විමට කටයුතු යොදා ඇත.

යුද හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුර සුදසිංහගේ අධික්ෂණයෙන් යුද්ධ හමුදාව අන්තර් ජාතික සහ ජාතික තලයන් හි දස්කම් දක්වා ඇති වෙඩි තැබිම සහ දුනු විදිම යන අංශයන්හි තාක්ෂණික කරුණු ප්‍රදර්ශනය කිරිමට එහි කටයුතු යොදා ඇත.

ස්පෝර්ට්ස් ඉන්ෆෝ (Sports Info) ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිඩා ඇගළුම් ප්‍රදර්ශනය වන ‘ස්පෝටෙක්ස් - 2017’(Sportex 2017) මගින් නිරෝගි ජිවිතයක් සදහා ක්‍රිඩාවේ හා නිරෝගිභාවයේ වැදගත්කම පිළිබදව පිලිඹිබු කෙරේ.

ගැනුම්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සදහාද Sportex 2017 ප්‍රදර්ශනය ඉඩ ප්‍රස්ථා සලසා ඇත.

‘ස්පෝටෙක්ස් - 2017’යුද හමුදා ප්‍රදර්ශන කුටිය ඉරිදා (27) දින දක්වා විවෘතයි.

Adidas shoes | Men Nike Footwear