Header

Sri Lanka Army

Defender of the Nation

23rd August 2017 21:50:59 Hours

පස්වන වාර්ෂික සිවිල් සම්බන්ධිකරණ කටයුතු සම්මන්ත්‍රණය නිමාවට

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය එක්ව දින දහයක් පුරා 5 වන වරටත් පවත්වනු ලැබු වාර්ෂික උසස් දකුණු ආසියාව පිළිබද සිවිල් සම්බන්ධිකරණ කටයුතු පිළිබද සම්මන්ත්‍රණය - 2017 පසුගියදා කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදි නිමාවට පත්විය.

දකුණු ආසියානු කලාපීය ත්‍රිවිධ හමුදා නිලධාරින්ට සිවිල් සම්බන්ධිකරණ කටයුතු පිළිබදව පුළුල් දැනුමක් ලබාදිමේ අරමුණින් සැලසුම් කොට තිබු මෙම සමුළුවට බංගලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනිසියාව, මොන්ගෝලියාව, නේපාලය, පිලිපිනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළු රටවල් 30 ක නියෝජිතයින් සහභාගි වුහ.

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සමාප්ති දේශණය සිදුකරන ලදි. උත්සවයේ ආරම්භක දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති ගරු අතුල් කේශාප් මහතා විසින් සමාරම්භක දේශණය පවත්වා තිබුණි.

සිවිල් වැසියන් සහ හමුදා සමාජිකයන් අතර අනෝන්‍ය අවබෝධය වැඩි කිරිමේ අරමුණින් පවත්වනු ලැබු මෙම සම්මන්ත්‍රණයට විදේශීය හමුදා නිලධාරින් 30, යුද හමුදා නිලධාරින් 40, ගුවන් හමුදා නිලධාරින් 3, නාවික හමුදා නිලධාරින් 3 ක් සහ නාවික වෙරළාරක්ෂක බලකා නිලධාරින් 3 ක් සහභාගි විය.

මානුෂික අයිතිවාසිකම් සහ මුලික අයිතිවාසිකම් පිළිබද හදුන්වාදිම, සිවිල් සාමාජීය කටයුතු හරහා අනෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරිම, නෛතික කරුණු සහ සිවිල් ජන සම්බන්ධිකරණ කටයුතු සදහා මාධ්‍ය භාවිතය පිළිබදව මෙම දසදින සම්මන්ත්‍රණය වැඩි අවධානයක් යොමු කර තිබුණි.

සමාප්ත උත්සවයේ ප්‍රධාන ආරාධිත මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් සහභාගිවුවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරිම සිදුකලහ. විදේශිය තනාපති අංශ කිහිපයක් නියෝජනය කරමින් නිලධාරින්, අධ්‍යක්ෂ යුද හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ වෙනත් නියෝජිත ආයතන නිලධාරින් රැසක් සහභාගි විය.

Running sport media | Jordan Release Dates , Iicf