Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2017 22:34:53 Hours

‘ඩිල්මා’ කුසලානය යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායමට

‘ඩිල්මා’ කුසලාන ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සෙනසුරාදා (19) දින කොළඹ, වෙස්ලී ක්‍රීඩාංගනයේ දී පැවත්වු අතර, එහිදි යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායම මොණරාගල ශක්ති ක්‍රීකට් කණ්ඩායමට එරෙහිව තරඟ වැඳි එක් කඩුල්ලකින් තරඟයේ ජය හිමි කරගත්හ.

ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රීකට් තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා සමාජ 12 ක් තරඟ වැදුණු අතර, යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රීකට් කණ්ඩායම සහ මොණරාගල ශක්ති ක්‍රීකට් කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබ තිබුණි.

තරඟාවලියේ සෑම තරඟයක් සඳහාම පන්දුවාර 40 ක් ලබාදුන්න ද අවසන් තරඟයේ දී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පන්දුවාර 37 කට සීමාවිය.

ඒ අනුව, මොණරාගල ශක්ති කණ්ඩායම පන්දුවාර 37 ක් අවසානයේ ලකුණු 215 ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද්ධ හමුදා කණ්ඩායම කඩුලු 9 ක් දැවි ලකුණු 216 ක් ලබාගනීමින් තරඟාවලියේ ශුරතාවයට හිමිකම් කියනු ලැබීය.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘ඩිල්මා’ සමාගමේ සභාපති මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා සහභාගි විය.

Nike air jordan Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ