Header

Sri Lanka Army

Defender of the Nation

17th August 2017 12:16:49 Hours

දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබලුන් සැමරේ

1987 වර්ෂයේ ඉන්දිය සාම සාධක හමුදාව විසින් යාපනයේ දියත් කරන ලද පවන් ක්‍රියාන්විතයේ දී දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබලුන් සිහිකර පසුගිය (15) දින යාපනය පලාලි හිදී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි.

යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් ශ්‍රී .ඒ. නටරාජන් මහතා විසින් මියගිය ඉන්දිය සාම සාධක හමුදා අයවළුන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පලාලි හී පිහිටි ඉන්දිය සාම සාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවාචාරය පුද කළ අතර, එම අවස්ථාවට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අජිත් ඇල්වත්ත ඇතුළු පිරිසක් ද සහභාගි විය.

‘පවන් ක්‍රියාන්විතය’(Operation Pawan) ඉන්දියානු හමුදාවේ 13 වන සීක් පාබල රෙජිමේන්තු කණ්ඩායමේ භට පිරිස් සහ 10 වන පැරා කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් සිදු කර ඇති අතර, 1987 ඔක්තෝම්බර් 12 වන දින එම සෙබලුන් පැරෂුට් ආධාරයෙන් කරන ලද මෙහෙයුමක් අතරතුරදි, එල්ටිටිඊ ත්‍රස්තවාදින් විසින් ඉහළ අහසේ දී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම මියගිය රණවිරුවන් වෙනුවෙන් පලාලි හි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයක් ඉදි කොට ඇත.

Authentic Nike Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%