Header

Sri Lanka Army

Defender of the Nation

16th August 2017 11:16:49 Hours

කිලිනොච්චි සිවිල් වැසියන්ට ඇස්කණ්ණාඩි පරිත්‍යාගයක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කොළඹ, විෂන් කෙයාර් ඔප්ටිකල් සර්විසස් හි අනුග්‍රහය ඇතිව දෘෂ්‍යාබාධිත කිලිනොච්චි සිවිල් වැසියන් 40 දෙනෙකු වෙත නොමිලේ ඇස්කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (12) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ අධීක්ෂණය යටතේ 65 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මීට ප්‍රථම ජූලි මාස දී ජංගම අක්ෂි සායනයක් පවත්වා කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ඇස් පරික්ෂා කොට ඇස්කණ්ණාඩි අවැසි සිවිල් වැසියන් 200 දෙනෙකු තෝරාගත් අතර, ඔවුන්ට ඇස්කණ්ණාඩි ලබාදීමේ පලමු අදියර ලෙස මෙසේ, 40 දෙනෙකු වෙත ඇස්කණ්ණාඩි පරිත්‍යාග කිරීම සිදුවිය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ඇතුළු 57 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, විෂන් කෙයාර් ඔප්ටිකල් සර්විසස් හි ක්‍රිෂාන්ත සොයිසා මහතා ඇතුලු කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | New Balance 991 Footwear