Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2017 18:43:34 Hours

පෙරපාසල් ළමුන් පලාලි ගුවන් තොටුපලේ සහ නාවික කඳවුරේ සංචාරයක

කරවෙඩ්ඩි, ‘Child Jesus’ පෙරපාසල භාර ගරු. එම්. පුෂ්පමාලා සොහොයුරියගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් එම පෙර පාසලේ ගුරුවරුන් 5 ක්, සිසුන් 48 ක් සහ දෙමාපියන් 48 ක් වෙත පලාලි ගුවන් තොටුපල සහ කන්කසන්තුරේ නාවික කඳවුරේ සංචාරය කිරීමට හා ළමුන්ගේ අධ්‍යාපන චාරිකාව සතුටුදායක අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලදි.

ගුවන් තොටුපල හා නාවික වරායේ කෙලිදොලෙන් සංචාරය කළ දරුදැරියන් ඔවුන් එම අවස්ථාව ජීවිතයේ පළමු හා අමතක නොවන අත්දැකීමක් වූ බැව් සතුටින් ප්‍රකාශ කළහ.

Mysneakers | Men's Sneakers