Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2017 18:02:58 Hours

683 වන බලසේනා මූලස්ථානය සංවත්සර දිනය සමරයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 683 වන බලසේනා මූලස්ථාන පසුගියදා (ජූලි 08) ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සිය 8 වන සංවත්සරය සමරන ලදි.

ඒ අනුව බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි විහාරස්ථානයේදී මියගිය රණවිරුවන් හට පිං පැමිණවීමේ හා සේවයේ නියුතු සියලුම භටපිරිස් වෙත ආශිර්වාද පතා බෝධිපූජා පිංකමක් ද පවත්වනු ලැබීය.

එමෙන්ම, සංවත්සර දිනයේ 683 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.ඒ.සී.ආර් කොඩිතුවක්කු වෙත හමුදා සම්ප්‍රදායනුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනැමූ අතර, බලසේනාධිපති විසින් භටපිරිස් ඇමතීමද සිදුකළහ. එසේම, මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බලසේනාධිපතිතුමා අනතුරුව සියලු නිළ දිවාභෝජන සංග්‍රහයටද සහභාගී වූහ.

Nike Sneakers | NIKE AIR HUARACHE