15th August 2017 10:43:16 Hours
පසුගිය පැය කිහිපය තුල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් මඩු පල්ලි බැතිමතුන්ට 24 වන ගජබා රෙජිමේන්තුවේ 100 කට වැඩි භටපිරිසක් විසින් හදිසි ආධාර රැකවරණ පසුගිය (14) දිනදී සැලසූහ.
අනපේක්ෂිත මහ වැසි හේතුවෙන් මඩු පල්ලි ප්‍රදේශය ජලයෙන් යටවූ අතර, එම හේතුවෙන් වන්දනාවේ පැමිණි තාවකාලික මඩු සහ කුඩාරම්වල නවාතැන් ගෙන සිටි මඩු පල්ලි බැතිමතුන් මහත් අපහසුතාවයට පත්වී තිබුණි.
වහා ක්‍රියාත්මක වී ආධාරයට පැමිණි 61 වන සේනාංකය යටතේ ස්ථාපිත 613 බලසේනාවට අයත් ගජබා රෙජිමේන්තු භටපිරිස් බැතිමතුන් රැඳී සිටි කුඩාරම් සහ මඩු තුල වූ ජලය කඩිනමින් කාණු සහ ජලාපවාහන පද්ධති සකස් කොට බැස යන්නට සැලැස්වූහ.
මඩු පල්ලි පූජ්‍ය පක්ෂය සහ මන්නාරම රායප්පු ජෝශප් රදගුරුතුමන්ගේ උපදෙස් අනුව 613 බලසේනාධිපති කර්නල් අජන්ත වීරසූරිය ඇතුලු භටපිරිස් මේ වනවිටත් මෙම අසරණභාවයට පත් බැතිමතුන් පිරිසට සහන සලසමින් සිටී.
හදිසි මහ වැසි හේතුවෙන් ජලයෙන් යටවූ හා මඩෙහි එරුණු බැතිමතුන් පැමිණි රථ වාහන කිහිපයක්ම ඉවත්කර ගැනීමට ද භටපිරිස් සහාය විය.
Running sneakers | Nike nike dunk high supreme polka dot background , Gov