Header

Sri Lanka Army

Defender of the Nation

12th August 2017 14:36:07 Hours

සිංහ රෙජිමේන්තුවේ තුන්වන මංගල සිංහ පැටවා ‘කූගර්’ අඹේපුස්සට

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල සංකේතය ලෙසින් සිව්මස් වයසැති නව සිංහ පැටවෙකු වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත බ්‍රහස්පතින්දා (10) දින දෙහිවල සත්ත්ව උද්‍යානයේ දී භාරදෙන ලදි.

මෙම උත්සවයේ දී රෙජිමේන්තු අධිපති විසින් රජයට සහ නියෝජ්‍ය අමාත්‍යතුමිය වෙත මෙම පරිත්‍යාගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය.

සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අවුරුදු 16 ක් වයසැතී සිංහයකු දැනටමත් සිටින අතර, එම වයෝවෘද්ධභාවයට පත් සිංහයා වෙනුවට මෙම නව සිව්මස් වයසැති සිංහ පැටවා සිංහ රෙජිමේන්තුවේ අභිමානය තවදුරටත් සනීටුහන් කරනු ඇත.

දෙහිවල සත්ත්ව උද්‍යානයේ පැවැති මෙම කෙටි උත්සවය සඳහා එම සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ ධම්මිකා මල්සිංහ මහත්මිය, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කිත්සිරි ලියනගේ, රාජ්‍ය නිලධාරින් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහභාගි වූහ.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙන ආ නව සිංහ පැටවා එදිනම කෙටි උත්සවයකින් අනතුරුව සිංහ රෙජිමේන්තු සිංහ ලෙන වෙත මුදාහැරිණි.

Buy Sneakers | UK Trainer News & Releases