Header

Sri Lanka Army

Defender of the Nation

14th August 2017 20:22:59 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට නාවික හමුදා උත්තමාචාර

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පළමු නාවික හමුදා මුලස්ථාන සංචාරය සඳුදා (14) දින සිදු කරන ලද අතර, එහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

නාවික හමුදා මුලස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපතිවරයා වෙත කඳවුරු සම්මාන මුරයක් ද නාවික හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියක් ද පිළිගන්වනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා සහ නාවික හමුදාධිපතිවරයා අතර, නාවික හමුදාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදි දෙපාර්ශවයට අන්නෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුහ.

මෙම සුහද හමුව අවසානයේ දී දෙපාර්ශවය අතර අන්නෝන්‍ය සුහදත්වය සහ අවබෝධය සනිටුහන් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි. එමෙන්ම, යුද්ධ හමුදාධිපතිවරයා නාවික හමුදා මුලස්ථානයෙන් පිටව යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි ද අත්සන් තබා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.

Asics footwear | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!