Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2017 23:46:22 Hours

කෝප්‍රල් දිසානායක ගේ නව නිර්මාණයට ටෝකියෝ ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනයේ දී රිදී පදක්කමක්

ජපානයේ, ටෝකියේ නුවර අගෝස්තු මස 4 සිට 6 දක්වා පැවති ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ (JDIE) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්‍රල් ඩි.එම්.සී දිසානායක ඉදිරිපත් කරන ලද‘ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක’ නිර්මාණයට තාක්ෂණික අංශයෙන් ඉදිරිපත් වු තරඟකරුවන් සියගණනක් අතරින් රිදී පදක්කම හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2 වන සන්නද්ධ බුද්ධි බලකාය නියෝජනය කරන කෝප්‍රල් ඩි.එම්.සී දිසානායක විසින් ඔහුගේ පළමු නවෝත්පාදන නිෂ්පාදනයයාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද‘යාපනය නව නිපැයුම් ප්‍රදර්ශනය’ සඳහා ඉදිරිපත් කළ අතර, එය ඒවකට යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පැසසුමට ලක්විය. ඒ අනුව, ඔහුගේ මෙම විශේෂීතවු නව නිපැයුම යුද්ධ හමුදාධිපතිවරයා විසින් පුද්ගලිකවම නිරීක්ෂණය කරමින් එය තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහාය සහ ධෛර්ය ලබාදීමට සහතික වන ලදී.

කෝප්‍රල් ඩි.එම්.සී දිසානායක ඉදිරිපත් කරන ලද ‘ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රිය ආරක්ෂක පද්ධතියක’නව නිර්මාණය ‘ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම’ (SLIC) මඟින් ජාත්‍යන්තර මට්ටමේ නව නිපැයුමක්ලෙස තෝරාගත් අතර, අනතුරුව එම කොමිසමේ සභාපති ආචාර්ය මහේෂ් එදිරිසිංහ ගේ මඟපෙන්වීම යටතේ ටෝකියෝ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී.

මීට දින කිහිපයකට පෙර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය මහේෂ් එදිරිසිංහ විසින් කෝප්‍රල් දිසානායක එම ආයතනය වෙත කැඳවා ඔහුගේ ආරාධනා පත්‍රය ලබාදුන් අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා හා සංවර්ධන ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රංජිත් ධර්මසිරි ද එක්ව සිටියහ. (වැඩි විස්තර පසුවට)

Adidas shoes | Women's Designer Sneakers - Luxury Shopping