Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2017 20:36:20 Hours

ශ්‍රී ලංකාවේ පැවති ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් සමුළුව අවසන් වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සංවිධායකත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත් වූ 9 වන ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ (AAPTC) වාර්ෂික මහා සභා රැස්වීම අඟහරුවාදා (3) දින අවසන් විය.

‘Challenges of Developing a Robust Peacekeeping Mindset’ යන තේමාව යටතේ තෙදිනක් පූරා පැවැත් වූ මෙම සමුළුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (1) දින උදෑසන ආරම්භ වූ අතර, ඒ සඳහා 40 දෙනෙකුට අධික විදෙස් නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

මෙම සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, සමාප්ති උත්සවය අමතමින් ‘මෙතෙක් පැවති ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන සමුළු තුලින් ලබාගත් දැනුම සහ අත්දැකිම් බෙදාගැනීමට හැකි වු බවත්, ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI) මගින් මෙම සමුළුව පැවැත්වීමට මුලිකත්වය ගෙන ක්‍රියාකිරීම ගැනත්’ එතුමන් ප්‍රශංසා කලේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමන් පවසා සිටියේ ‘වත්මන් සාම සාධක මෙහෙයුම් කටයුතු අභියෝගාත්මක හා තර්ජනාත්මක බවත්, එම අභියෝගයන් හා තර්ජනයන්ට විසදුම් සොයාගනිමින් කටයුතු කළ යුතු බවත්ය.’

තවද, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් පවසා සිටියේ ‘මෙම සමුළුවේ දී බෙදාහදාගත් දැනුම සහ අත්දැකීම් සහභාගිවුවන් හට ඉතා වැදගත් වන බවත්, මෙම සමුළුව පැවැත්වීම සඳහා අවස්ථාව ලබාදුන් ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI) සංවිධානයේ නිලධාරින්හට සිය කෘතඥාතාවය පුද කරන බවත්, ඇමරිකා එක්සත් ජනපද තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලයට ද ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන සාමාජිකයන්ට ද සිය ස්තුතිය පුද කළහ.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සිය කතාව අවසානයේ දී කොරියානු ජනරයෙන් පත්වන ආසියා ශාන්තිකර සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ ඊළඟ සභාපති ධුරයට සුභ පැතීමට ද අමතක නොකළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න මෙම වසරේ සභාපතීත්වය දැරූ අතර ඔහුගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලීමකට අනුව මෙම සමුළුව සඳහා ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, බුරුමය, කාම්බෝජය , චිනය, ෆිජි දේශය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ජපානය, මලයාසියාව, මොංගෝලියාව, නේපාලය, පිලිපිනය, කොරියානු ජනරජය, තායිලන්තය, වියට්නාමය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල්වල නියෝජිතයින් සහභාගි වූහ.

ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භය (GPOI), බංගලාදේශ සාම සහයෝගිතා පුහුණු ආයතනය (BIPSOT), ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය (IPSOTSL), එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව (UNDPKO), OMA, ALCOPAZ, APSTA, EAPTC යන ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම සමුළුව සඳහා සිය දායකත්වය ලබාදෙනු ලැබීය.

මෙම ආසියා ශාන්තිකර සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන සේනාවිධායක සමුළුවේ (APPTCCC) දී සාමසාධක රාජකාරීන්හි පුහුණු කටයුතු, සහයෝගීතාවයන් පවත්වාගැනීම, නිසි ප්‍රමිතීන්ට අනුව සුදානම ඇතුලු සාමසාධක රාජකාරින් සඳහා වන විවිධ මාතෘකාවන් යටතේ කරුණු සාකච්ඡාවන්ට ඇතුලත්ව තිබුණි.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ (IPSOTSL) සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමාප්ති උත්සවය සඳහා එක්ව සිටියහ.

latest Running | Nike News