Header

Sri Lanka Army

Defender of the Nation

02nd August 2017 14:15:58 Hours

නුඳුරේ දී විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු වෙත NVQ සහතිකපත්

සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) මගින් පවත්වනු ලැබු වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයන් 35 ක් වෙත සහතිපත් ප්‍රදානය අඟහරුවාදා (01) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරනු ලැබීය.

මෙම පාඨමාලාව සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (SLVTA) සම්පත් දායකයින් සිය දායකත්වය ලබාදුන් අතර, පාඨමාලා ලාභීන් වෙත ජාතික නිපුණතා සම්මතය (NVQ) 3 වන මට්ටමේ සහතිකයක් ද හිමි විය.

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ දී මාස 6 ක කාලයක් පූරාවට පැවති මෙම ‘අධ්‍යාත්මික ජෛවගතික හෙළගොවිකම් කෘෂිකර්ම පාඨමාලව’ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ (SLVTA) ප්‍රමිතීන්ට අනුකුල පාඨමාලාවක් ලෙස පිළිගනු ලබයි.

මෙම සහතිකපත් ප්‍රදානොත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වි.ඩි.එස්. පෙරේරා, ප්‍රධාන උපදේශක මේජර් එන්.එම්.එස්.ඒ.බි නාරායන, පුහුණු සම්බන්ධිකරණ නිලධාරි කපිතන් බි.එම්.එස්.යු. බංඩාර ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

Nike footwear | Nike Shoes, Sneakers & Accessories