Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2017 15:33:20 Hours

යුද්ධ හමුදා භට පිරිස් මල්ලාවී මුලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක

තුනුක්කායි ප්‍රදේශයේ මල්ලාවි මුලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කන්දස්වාමි සුසින්ද්‍රන් මහතා විසින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන වෙත කරන ලද ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් සමඟින් තුනුක්කායි ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ස්වේච්ජා සේවකයින් 300 කට වැඩි පිරිසක් එක්ව රෝහල් පරිශ්‍රයේ ‘ශ්‍රාමදාන’ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

අක්කර විස්සක පමණ භූමි භාගයක පිහිටා තිබෙන මෙම මල්ලාවි මූලික රෝහල වෙත දිනපතා සියගණනක් වූ රෝගීන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙයි. රෝහල් පරිශ්‍රය පඳුරු හා වල්පැළෑටිවලින් ගහණව පැවතිම හේතුවෙන් මඳුරුවන් බෝවීමට වැඩි ඉඩකඩක් තිබිම නිසා කරන ලද මෙම ඉල්ලීම පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන අවසානයේ භට පිරිස් විසින් රෝහල් පරිශ්‍රය අලංකාර කිරීම සඳහා මල් පොච්චි 150 ක් ද පරිත්‍යාග කරනු ලැබීය.

jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp