Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2017 21:52:37 Hours

වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති රාජකාරි අරඹයි

වන්නි ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සිකුරාදා (28) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී රාජකාරී භාරගනු ලැබිය.

එහි පැමිණි නව ආඥාපතිතුමන්ව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කුමාර් ජයා පතිරණ විසින් පිළිගත් අතර, භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමූහ.

අනතුරුව ආගමිකවතාවත් වලින් ආශිර්වාද ලබාගත් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, සංකේතාත්මකව ලේඛණවලට අත්සන් තබමින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති තනතුර භාර ගනු ලැබීය. මෙම අවස්ථාව සිහිවනු වස් නව ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග, සපුගස්කන්ද හි පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙස පත්වීම හේතුවෙන් බ්‍රහස්පතින්දා (27) දින සිය තනතුරේ රාජකාරි අත්හරින ලදි.

Nike shoes | Sneakers