Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2017 15:39:56 Hours

දොඹගොඩ පිහිටි යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කර්මාන්ත ශාලාවේ සපත්තු සහ සම්භාණ්ඩ නිෂ්පාදනය ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ හොරණ, දොඹගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ නව, සපත්තු, හිස්වැසුම්, අත්බෑග්, අත් යන්ත්‍ර හා බලවේග පේෂ කර්මාන්ත නිෂ්පාදනය අඟහරුවාදා (25) දින පස්වරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් රේණක උඩවත්ත ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමා වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යාම (drive-past Guard Turnout) පිරිනැමූ අතර,නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගැනීමෙන් අනතුරුව, වෙස් නැට්ටුවන් කණ්ඩායම පෙරටු කරගනීමින් ඵලකය නිරාවරණය කිරීම සඳහා කැඳවාගෙන යනු ලැබීය.

යුද්ධ හමුදාවේ යටිතල පහසුකම් නවීකරණය හා ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණුන් මෙම නව නිෂ්පාදන අංශය ආරම්භ කර ඇති අතර, කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එල් ගුරුගේ ගේ අණදීම යටතේ නිලධාරීන් 8 ක් සහ සෙසු නිලයින් 285 ක් මේ සඳහා යොදවා ඇත.

නව නිෂ්පාදන අංශය විවෘත කිරීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමා විසින් එම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කළ සහ තාක්ෂණික වශයෙන් නවීකරණය කරන ලද යුද්ධ හමුදාව නිරන්තරයෙන් භාවිතා කරන උපකරණ සම්බන්ධයෙන් නිරික්ෂණ චාරිකාවක ද නිරත වන ලදී.

මෙම අවස්ථාව සිහිවනු වස් යුද්ධ හමුදාධිපතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීම, සමුහ ඡායාරූපයකට පෙනිසිටිම සහ භට පිරිස් ඇමතීම සිදු කරන ලදී.

යුද්ධ හමුදාවට අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කිරීම දොඹගොඩ යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව මෙන්ම 2014 වසරේ දී ආරම්භ කළ කොස්ගම පිහිටි යුද්ධ හමුදා කාර්මික වැඩපොල වෙතින් ද සිදු කරනු ලබයි.

මෙම ව්‍යාපෘතීන් තුළින්, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන්, නවෝත්පාදන නිර්මාණශීලි මෙන්ම නවීන තාක්ෂණික දැනුම වර්ධනය කරමින් උසස් මට්ටමේ නිෂ්පාදන ප්‍රවේශයන් ඇතිකිරීම මගින් ඔවුන්ගේ අනාගත සුබසිද්ධිය සඳහා අවස්ථාව උදාකරදීම මෙම ව්‍යාපෘති හඳුන්වාදිම තුලින් අපේක්ෂා කරනු ලබයි.

Adidas footwear | Nike