29th July 2017 17:55:15 Hours
දැනට ක්‍රියාත්මක ඩෙංගු මර්ධනය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහනට සමගාමීව ආරක්ෂක අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සිකුරාදා (28) දින ආරම්භ කළ තෙදින ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා පාසල් සිසුන්, ගුරුවරුන්, කාර්යමණ්ඩල, දෙමාපියන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට ආසන්න පිරිසක් සහභාගි වුහ.
පාසල් පරිශ්‍රයන් තුල ඩෙංගු මඳුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්වීම යටතේ සියලුම ආරක්ෂක සේනා මුලස්ථානයන් හී සේවයේ නියුතු සියගණනක් වු භට පිරිස් මේ සඳහා දායකත්වය සපයමින් ඉරිදා (30) දින තෙක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
Running sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men