27th July 2017 11:15:28 Hours
යුද්ධ හමුදා කාන්තා දැල්පන්දු ක්‍රීඩිකාවන් සහ බෘනායි ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් අතර ප්‍රදර්ශන තරඟයක් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාවේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.
විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ පැවති තියුණු තරඟයකින් පසු ලකුණු 58 ක් ලබාගනිමින් බෘනායි ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවන් ශුරතාව හිමිකරගත් අතර, ලකුණු 50 ක් ලබාගත් යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් හට එහි අනුශුරතාවය හිමිවිය.
යුද්ධ හමුදා දැල්පන්දු කමිටුවේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් ගුණතිලක සහභාගි වූ අතර තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය ද සිදු කරනු ලැබුහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා දැල්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ප්‍රසන්න කළුආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Running sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf