28th July 2017 15:58:11 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග, කොළඹ 2 පිහිටි එම රෙජිමේන්තු මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි නව කර්නල් සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගන්නා ලදී.
අනතුරුව, නව කර්නල් සේනාවිධායක වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පිරිනැමු අතර, සම්ප්‍රදායානුකූලව නිල ලේඛණවලට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගනු ලැබුහ.
උත්සව කටයුතු අවසානයේ නව කර්නල් සේනාවිධායක, සියලු නිලයින් සමඟින් තේ පැන් සංග්‍රහයකට ද සහභාගි විය.
url clone | New Balance 991 Footwear