Header

Sri Lanka Army

Defender of the Nation

27th July 2017 18:07:58 Hours

අම්පාර සටන් පුහුණු පාසලෙන් කනිෂ්ඨ උපදේශකයන් 79 දෙනෙකු විසිරයයි

අම්පාර සටන් පුහුණු පාසලේ (CTS) හී පුහුණුව ලැබු කාන්තා සහ පිරිමි කනිෂ්ඨ උපදේශකයින් 79 දෙනෙකු විසිරයාම බ්‍රහස්පතින්දා (27) දින එම පුහුණු පාසල් ක්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබීය.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහභාගි වු අතර, පාඨමාලා ලාභීන් වෙත සහතිකපත් ප්‍රදානය ද මෙහිදි සිදු කරන ලදී.

පාඨමාලා අංක 86 යටතේ පිරිමි කනිෂ්ඨ උපදේකයින් 73 දෙනෙකු සහ පාඨමාලා අංක 36 යටතේ කාන්තා කනිෂ්ඨ උපදේශකයින් 06 දෙනෙකු මෙහිදි සහතිකපත් හිමිකරගනු ලැබීය.

මෙම පාඨමාලාවේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය කෝප්‍රල් ජේ.ජී.යු.වයි. ගුණතිලක හිමි කරගත් අතර, දෙවන සහ තුන්වන ස්ථාන පිළිවලින් කෝප්‍රල් එම්.එම්. අමරදාස සහ බෝම්බඩියර් ආර්.පි.එන්.එස්. ගුණරත්න විසින් හිමිකරගන්නා ලදී.

කාන්තා කනිෂ්ඨ උපදේශක පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලාන්ස් කෝප්‍රල් වයි.ඒ.අයි.ඩබ්ලිව්. රණසිංහ හිමි කරගත් අතර, පිළිවලින් දෙවන සහ තුන්වන ස්ථාන ලාන්ස් කෝප්‍රල් ජි.කේ. කල්‍යානි සහ ලාන්ස් කෝප්‍රල් ජේ.ජේ.ජි. රත්නලතා විසින් හිමිකරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි, ප්‍රධාන උපදේශක, උපදේශක නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධරින් සහ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.

Adidas shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta