27th July 2017 11:16:58 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ අදහසකට අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල හදිසි ආපදා තත්වයක් ඇතිවු අවස්ථාවක දී ඒ සඳහා දායකත්වය දක්වන අයවළුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අඟහරුවාදා (25) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්, ආපදා කළමනාකරණ නිලධාරීන්, වෙරළ සංරක්ෂණ නිලධාරීන්, සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
මෙහිදි, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුල ඇතිවිය හැකි හදිසි ගංවතුර සහ නියඟයන් වැනි හදිසි ආපදා තත්වයන් සඳහා පෙර සුදානම්වීම සහ පුහුණුවීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම ප්‍රදේශයේ ඉදිරියේ ඇතිවිය හැකි ආපදා තත්වයන් සහ ඉන් ඇතිවිය හැකි ජිවත හා දේපළ හානි අවම කරගැනීම පිළිබඳව ත්‍රිකුණාමල දිස්ත්‍රික් ආපදා කළමණාකරන අධ්‍යක්ෂක කේ. සුගුනදාස මහතා, සහකාර අධ්‍යක්ෂක එම්.එස්. නුවන් ප්‍රියදර්ශන මහතා, මඩකලපුව දිස්ත්‍රික් කාලගුණ විද්‍යඥ පී.සී.එස්. අරුණසිරි මහතා, සේරුනුවර ප්‍රදේශීය ලේකම් එස්. ජයරත්න මහතා සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන සම්පත් දායකයින් විසින් විශේෂ දේශන පවත්වනු ලැබීය.
එමෙන්ම, ඉදිරියේ දී ඇතිවිය හැකි ස්වභාවික විපත් හා විශේෂයෙන් ත්‍රිකුණාමල ප්‍රදේශයට බලපාන ඊසාන දිග මෝසම් වර්ෂාව සමයේ දී ඇතිවිය හැකි ආපදා තත්වයන් හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව 22 වන සේනාංක බලප්‍රදේශයට අයත් සියලුම බලසේනාවන් හා ඒකකවල නියෝජිතයන් ඇතුළු හමුදා සාමාජිකයන් දැනුවත් කරනු ලැබීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල නිලධාරින් විසින් සභාව අමතමින්, 2011 සහ 2014 වර්ෂයේ ඇතිවු ආපදා තත්වයන් හිදී රාජ්‍ය අංශය විසින් දියත් කළ සහන වැඩසටහසන් සඳහා හමුදා සාමාජිකයින් සහ අනෙකුත් ආයතන වල නිලධාරින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද මෙහිදි අවධාරණය කරනු ලැබීය.
22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් රුස්ව සිටි පිරිස අමතමින් හදිසි ව්‍යසනයකදි සියලුම සන්නද්ධ හමුදා සාමාජිකයින් සහ රාජ්‍ය නිලධාරින් එක්ව කටයුතු කිරිමේ වැදගත්කම අවධාරණය කරනු ලැබු අතර, මෙම වැඩසටහන සඳහා සහභාගි වු සම්පත් දායකයින් සඳහා සමරු තිළිණ පිරිනැමීම ද මෙහිදි සිදු කළහ.
jordan Sneakers | Womens Shoes Footwear & Shoes Online