26th July 2017 09:18:23 Hours
ලන්ඩන් හී පැවති පැරාලිම්පික් මළල ක්‍රීඩා තරඟාවලිය - 2017 හි දී හෙල්ල විසිකිරීම පිරිමි - F46 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් අද (26) උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
ගුවන් තොටුපල වෙත පැමිණි සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් පිළිගැනීම සඳහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අනුර සුදසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ද එක්ව සිටියහ. අනතුරුව ගජබා රෙජිමේන්තුවේ බටහිර තුර්යවාදක කණ්ඩායම විසින් පෙරහැරකින් සැරයන් දිනේෂ් ප්‍රියන්ත ගුවන් තොටුපල පරිශ්‍රයේ සිට පිටතට කැඳවාගෙන යනු ලැබීය.
මෙය ශ්‍රී ලංකාවට පැරාලිම්පික් තරඟාවලියක දී හිමි කරගනු ලැබු තෙවන පදක්කම වන අතර, 2012 වර්ෂයේ පැවති පැරාලිමිපික්හි දී ප්‍රදීප් සංජය, පිරිමි මීටර් 400 T46 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද, 2016 වර්ෂයේ දී දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසිකිරීම පිරිමි F-46 තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමි කරගනු ලැබීය.
latest Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos