Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2017 09:10:01 Hours

යුද්ධ හමුදාව ප්‍රතිසංස්කරණය කරන ලද වැව සහ මාර්ගය යුද්ධ හමුදාධිපතිතුමා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත සංකේතාත්මකව භාරදෙයි

යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් කන්තලේ, ගංතලාව ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලද 11 වන වැව සහ ගංතලාව දෙසට ගමන් කරන කිලෝමීටර් 5.4 ක් දිග මාර්ගය සංකේතාත්මකව භාරදීම සිකුරාදා (21) වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී සිදු කෙරිණි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ‘ගංතලාව යුනිට් 12 වැව’ හි ඵලකය නිරාවරණය කිරීමත් සමඟින් එදින උත්සවය ආරම්භ වූ අතර, අමාත්‍යවරුන් සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමා සමඟින් යුද්ධ හමුදාධිපතිතුමා සහ පාසල් සිසුන් කණ්ඩායමක් එක්ව ගංතලාව වැව් බැම්මේ ‘කුඹුක්’ පැළ සිටුවිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

රටේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය අගය කළ අතිගරු ජනාධිපතිතුමා විසින් මේ අවස්ථාවේ දී යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය වෙත ට්‍රැක්ටර් 23 ක්, කැබ් රථ 05 ක් සහ යතුරුපැදි 10 ක් ප්‍රදානය කරමින් සංකේතාත්මකව යතුරු භාරදෙන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරුවන් විසින් රජයේ පස් අවුරුදු සැලැස්මට අනුව රුපියල් මිලියන 5000 ක් වැය කරමින් දිවයින පුරා වැව්, අමුණු, ඇලවේලි සහ මහජන ක්‍රීඩාංගණ 473 ක් මෙන්ම ගුරු නිවාස 100 ක් ඉදිකිරිමේ තවත් දැවැන්ත ජාතික ව්‍යපෘතියක් සඳහා සිය දායකත්වය දක්වනු ලබයි.

මෙම ව්‍යපෘතියේ පළමු අදියර ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් එක්ව ‘වස විෂ නැති රටක්’ සහ ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතියට අනුව අතහැරදැමු වැව්, වේලි, අමුණු, ඇල මාර්ග, ජල මාර්ග 165 ක් අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ කිරීම, ගුරු නිවාස 100 ක් අලුතින් ඉදිකිරීම පස් අවුරුදු සැලැස්මට අනුව ත්‍රිකුණාමලය හරහා කිලෝමීටර 250 දිග අලි වැටක් ඉදිකිරීම සහ කිලෝමීටර 257 කින් යුත් ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ආරම්භ විය.

ඒ අනුව 2021 නිමාවෙන මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 5000 ක් රජය විසින් ඇස්තමේන්තු ගත කර වෙන්කර ඇති අතර, සෑම වසරකම රුපියල් මිලියන 1000 බැගින් මේ සඳහා වැය කරනු ලබයි.

මෙම ව්‍යාපෘතීන් 1 වන, 7 වන සහ 8 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු වල වෘත්තීමය ඉංජිනේරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ ග්‍රාම සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගම්වැසියන් සමඟ සම්බන්ධතාවයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සමීප සම්බන්ධතාවයේ මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සංකල්පයක් මත ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම සහ ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවිම සඳහා රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම තුලින් 2021 වසර වන විට ග්‍රාමීය අංශය තුළ සමෘද්ධිමත් හා සංවර්ධනයේ නව යුගයක් කරා පිවිසෙනු ඇතයි මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතීන් සඳහා යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න ගේ සෘජු දායකත්වයෙන් බර යන්ත්‍රෝපකරණ 78 ක් සමඟින් යුද්ධ හමුදා සාමාජිකයින් 200 ක් යොදවා ඇත.

සිකුරාදා පැවති මෙම උත්සවය සඳහා කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ලේකම්වරුන්, රාජයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ගංතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ද එක්ව සිටියහ.

Best Authentic Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov