Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2017 14:22:00 Hours

ඉන්ධන පිරවූ පළමු බවුසර් කාණ්ඩය යුද්ධ හමුදාවේ ආරක්ෂාව ඇතිව කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් අනෙකුත් හමුදාවන් සමඟ එක්ව බදාදා (26) දහවල් වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරමින් ඉන්ධන පිරවු බවුසර් 15 ක්, වර්ජනයට එක්නොවූ රියදුරන්ගේ සහ ආරක්ෂක හමුදාවන්ගේ සහාය ඇතිව පස්වරු 1.00 ට පමණ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පිටත් කරන ලදි.

ඛනිජ තෙල් සේවකයින් දැනට ක්‍රියාත්මක කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සේවාවන් අඩපනවිම වැලැක්වීම සඳහා රජය විසින් එම සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පොලිසීයේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් තෙල් සංකීර්ණ වෙත ආරක්ෂාව සපයමින් වර්ජනයට එක්නොවී සිටින එම සංස්ථා සේවකයින්ගේ සහාය ඇතිව තෙල් බෙදාහැරීමේ කටයුතු ක්‍රමවත් කිරීමට ක්‍රියා කරමින් සිටියි.

jordan release date | Trending