27th July 2017 11:18:21 Hours
මන්නාරම, මුරුන්කන් ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිගේ ඉල්ලීමකට අනුව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් මන්නාරම, මාන්තෝට්ටම් හි පිහිටි 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක ගේ සංවිධායකත්වයෙන් එම බලසේනාව යටතේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 136 කට වැඩි පිරිසක් ඉරිදා (23) දින මුරුන්කන් රෝහල් පරිශ්‍රයේ දී ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා සහභාගි වුහ.
රෝහල් ලේ බැංකුව තුළ ශල්‍යකර්ම හා හදිසි අවස්ථාවන් සඳහා අවශ්‍ය ලේ ප්‍රමාණයන් හිඟවීම හේතුවෙන් මුරුන්කන් ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විසින් මෙම අවශ්‍යතාවය දැනුම්දිමෙන් පසු 542 බලසේනාවේ භට පිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
මෙම ලේ පරිත්‍යාග වැඩසටහන සඳහා සහභාගි වු ලේ පරිත්‍යාගශීලින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා පෝෂ්‍යදායි කෙටි ආහාර වේලක් ලබාදීමට ද 542 බලසේනාවේ භට පිරිස් කටයුතු කරන ලදී.
bridge media | Nike Shoes