Header

Sri Lanka Army

Defender of the Nation

26th July 2017 09:16:07 Hours

යුද්ධ හමුදා භට පිරිස් ශ්‍රී මුත්තු මාරි අම්මන් කෝවිලේහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරයි

මන්නාරම, මාන්තෝට්ටම් හී පිහිටි 542 බලසේනාවට ආසන්නයේ පිහිටි උයිතරාසකුලම්, ඉලුප්පායිකුලම් ශ්‍රී මුත්තු මාරි අම්මන් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු එම බලසේනාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබීය.

මෙම කෝවිල කාලයක සිට තහඩු වලින් ආවරණය කර පුද පුජා පවත්වන අතර, මේ පිළිබඳව එහි භාරකාර කුරුක්කල්තුමා ඇතුළු ප්‍රදේශවාසින් 542 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රසාද් අකුරන්තිලක හමුවි එම කෝවිල පුද පුජා පැවැත්විමට සුදුසු වන පරිදි සකසා දෙන මෙන් කරන ලද ඉල්ලීමකට අනුව අවශ්‍ය ඉදිකිරිම් සිදු කරදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව 542 වන බලසේනාවේ සියලුම නිලයින් එක්ව කෝවිල සඳහා කුඩා ගොඩනැගිල්ලක් සදා පීන්තාරු කර කුරුක්කල්තුමා වෙත භාරදුන් අතර, අනතුරුව එතුමා විසින් සම්ප්‍රදායික ‘වෛහාසි පොංගල්’ උත්සවයක් ද පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 542 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු සියලුම නිලයින් ද එක්ව සිටියහ.

jordan Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals