25th July 2017 15:58:41 Hours
යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේන් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා පවත්වනු ලැබු දින 32 කින් සමන්විත පාඨමාලාව සඳුදා (24) දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ශ්‍රවණාගාරයේ දී පැවති කෙටි සමාප්ති උත්සවයකින් අනතුරුව නිවේදක පුහුණුව අවසන් විය.
මෙම පාඨමාලාව ‘නිෂ්පාදන හා සන්නිවේදන සහතිකපත්‍ර පාඨමාලාව’ නමින් හඳුන්වනු ලබන අතර, මෙම පාඨමාලාව සඳහා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් 25 දෙනෙකු සහභාගි වු අතර, මෙහිදි නිර්මාණාත්මක සන්නිවේදනය, මයික්‍රොපෝන භාවිතය, වර්තා වැඩසටහන්, ගුවන් විදුලි භාෂාව සහ නිවේදනය, වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීම, තොරතුරු රැස් කිරීම, ලිවීම සහ සංස්කරණය කිරීම, ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම, උච්චාරණය සහ ව්‍යාකරණ නිවැරදිව භාවිතා කිරීම, හඬ පුහුණුව, ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදනය යන විෂය ධාරවන් ආවරණය කරන ලදී.
මෙම සමාප්ති උත්සවය සහ සහතිකපත් බෙදාදීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් එරන්ද හෙට්ටිආරච්චි මහතා, යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජි.වී. රවිප්‍රිය, ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුහුණු සහ විදෙස් සම්බන්ධතා අධ්‍යක්ෂ තිළිණ සමරසුරිය මහතා, අතිරේක අධ්‍යක්ෂ තුෂාරි වෙලගෙදර මහත්මිය, ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් ද සහභාගි වන ලදි.
Best Nike Sneakers | Air Max